2022 ජූනි මස එක්තරා දිනයක, (මහා රාත්‍රීයක) කැබ් රථයක් පිටුපස ගිය ‘යතුරුපැදියක’ සිටි පුද්ගලයින් දෙදෙනෙක් එම රථයේ සිටි ‘පිරිස’ ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
එහිදී ‘නාඳුනන තුවක්කුකරුවන්’ දෙදෙනෙක් විසින් එල්ල කෙරූ මෙම ප්‍රහාරයෙන් අනතුරුව ‘කැබ් රියේ’ ගමන් ගත් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබුණා.
මෙසේ මිය ගිය පුද්ගලයා ‘ප්‍රබල මත්ද්‍රව්‍ය’ ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ගේ කුඩු ජාවාරමේ ප්‍රබල සාක්ෂිකරුවෙකු බවයි ඒ සමයේ ‘පුවත්පත් මාධ්‍ය’ වාර්තා කර තිබුණේ.
ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව ‘ඝාතකයින්ට රැකවරණය’ ලබා දුන් බව කියන පුද්ගලයෙක් හඳුනා ගැණුනා.
ඔහු ‘අන් කවරෙක්’ හෝ නොව අපේ ජනබල පක්ෂයේ නායක ‘සමන් පෙරේරා’ යි.
ඒ අනුව 23 වැනි රාත්‍රීයේ ඔහු අත්අඩංගුවට පත් වන අතර, එම ‘අත්අඩංගුවට ගැනීමේ’ මෙහෙයුම සඳහා පොලිසිය ‘විශේෂ කණ්ඩායමක්’ ද යොදවා තිබුණා.
පොලිසිය ඇතුළු වූ මොහොතේ නිවසේ ‘දොරගුළු’ දමා තිබූ අතර, නිලධාරින් නිවසේ පසුපස දොර ‘කඩා’ දමමින් නිවසට ඇතුළු වී තිබෙන අතර ‘සැකකාර නායකතුමන්ව’ අත්අඩංගුවට ගැනීමට පවා පොලිසියට ‘අසීමාන්තික’ උත්සාහයක් ගන්නට සිදු ව තිබුණා.
‘කොස්ගොඩ’ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ‘සමන් පෙරේරා’ හඳුනනා ගන්නෙ ‘රෝයල් බීච් සමන්’ ලෙසයි. ඊට හේතුව නම් මොහු ‘ඉඳුරුව රෝයල් බීච්’ හෝටලය හිමි ‘තැනැත්තා’ වීම යි. එපමණක් නොව ඔහු ‘සංචාරක මඟ පෙන්වන්නෙකු’ ලෙස ද කටයුතු කර තිබෙනවා.
පසුකලෙක ‘වෛද්‍යවරියක්’ හා විවාහ ගිවිස ගන්නා ඔහු ‘විශාල ධනස්කන්ධයකට’ හිමිකම් කියූ බව ද සඳහන් වනවා.
ස්ථාන කිහිපයක සිදු කරනු ලැබූ ‘ඝාතන කිහිපයක්’ සම්බන්ධයෙනුත් මොහුට එදිරි ‘නඩු කිහිපයක්’ ක්‍රියාත්මක වනවා. (ඉඳුරුව සමන් ඝාතනය, ස්ටැන්ලි තාබෲ සහ ඔහුගේ පුතණුවන් ඝාතනය යන සියලු ඝාතන සඳහා චෝදනා එල්ල වන්නෙ ද ඔහුට යි…)
‘සමන් පෙරේරා’ පාතාලයේ කෙරුමෙකු වන ‘කොස්ගොඩ සුජී’ගේ ප්‍රබල ‘ප්‍රතිවාදියෙකු’ ද වනවා.
දකුණු පාතාලයේ සිදු වන බොහෝමයක් ‘පාතාල ඝාතන’ පිටුපස ‘සමන් පෙරේරා’ සිටින බව ඒ සමයේ බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.
සුරතලා’ නම් පාතාල කෙරුමෙක් ද වරක් ‘සමන්’ගේ කෙරුම් ආරක්ෂක අංශ වෙත හෙළිදරවු කර ඇති බවයි සඳහන් වන්නේ.
‘සමන් පෙරේරා’ ඝාතනයට මින් පෙරද කිහිප වතාවක් ම උත්සාහ ගෙන තිබූ අතර වරක් සමන් වෙත එල්ල කෙරූ වෙඩිල්ලක් ‘විදේශිකයෙකු’ට එල්ල වී ‘සමන් පෙරේරා’ දිවි ගලවාගෙන තිබුණා.
තමන් ‘ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්’ සිදුවන බව කියමින් සමන් පෙරේරා පසුගිය වසරේ ‘පොලිස්පතිවරයා’ වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඔහු කියා තිබුණේ, තමන් හා දේශපාලනය කරමින් සිට දැන් විරසකව සිටින හිමිනමක් තමන් ඝාතනය සඳහා කාන්තාවකට ලක්ෂ 50ක කොනත්රාත්තුවක් ලබා දී ඇති බවයි.