කොහුවල වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

කොහුවල , සරණංකර පාර ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගිය ඇත්තේ අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සම්පූර්ණ හිස්වැසුම් පැලද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.