කොළඹ උද්ධමන අනුපාතයේ වෙනසක්

2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024අ දෙසැම්බර් මාසය සඳහා -1.7%ක් දක්වා වැඩිවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එය 2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් ලෙස වාර්තා වුණි.

2024 දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.8% දක්වා වැඩිවී ඇති අතර 2024 නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 0.6%ක් ලෙසය.

එමෙන්ම, 2024 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.0% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 නොවැම්බර් මාසයේ දී -3.3%ක් ලෙස වාර්තා විය.