ගුවන් අනතුරකින් දොළොස් දෙනෙකුට තුවාල

දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබියදී ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබෙනවා.

එහිදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ තුවාල ලබා ඇති ඩබ්ලින් ගුවන් තොටුපළ බලධාරීන් පවසා තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේ එම ගුවන් අවකාශයේ තිබූ කාලගුණික තත්ත්වය ඊට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක් වූ බෝයිං බී 787-9 ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවා ඇති බවයි.

එමෙන්ම තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව පැවසෙනවා.