ප්‍රංශ දූපත් සමූහයක් වන Mayotte වෙත බලපෑ දරුණුතම කුණාටුව වන ‘චිඩෝ’ (Chido) සුළි කුණාටුවෙන්, ජීවිත දහසකට ආසන්න සංඛ්‍යාවක් අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය ගිය පුද්ගලයින් ගණන සංඛ්‍යාත්මක වශයෙන් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි, ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම සුළි කුණාටු තත්ත්වය, වසර 90 කට පමණ පසු Mayotte වෙත බලපෑ දරුණුතම කුණාටුව වන බව සඳහන්.
පවතින තත්ත්වය අනුව නිශ්චිත මරණ සංඛ්‍යාව සොයා ගැනීම පමණක් නොව, ආපදාවට ලක්වූවන්ට ආහාර, ජලය සහ සනීපාරක්ෂාව සැපයීම ද දුෂ්කරව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම සුළි කුණාටුව ඉන්දියන් සාගරයේ ප්‍රංශ භූමි ප්‍රදේශය හරහා හමාගොස් ඇත්තේ, පැයට කිලෝමීටර 200 (පැයට සැතපුම් 124) ට වැඩි සුළං වේගයකින් බව සඳහන්.
ඒ අනුව මිනිස් ජීවිතවලට අමතරව නිවාස, රෝහල් ඇතුළු රජයේ දේපළ රැසකට ද හානි සිදුව ද ඇත.