ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුධමය තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි වාර්තා වන්නේ.
ඒ, 1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි දක්ෂිණාංශික රජයේ නායකයන් පලා ගියේ තායිවානයටය. අද වෙනම පාලනයක් පැවැතියත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ට අයත් කොටසක් යැයි චීනය විශ්වාස කරනවා. තායිවානය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය.