ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස අද දින පත්කර තිබේ.
ඒ මහතාව පත්කර ඇත්තේ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි.
ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Devolopment Advisor ලෙස ද කටයුතු කළ අයෙක් මෙන්ම සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd)උපාධිධරයෙක් වන අතර ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.