ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව එය 0.48%කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ.
ජපානයේ ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරටයි.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණයවී ඇති බව වැඩිදුරටත් සඳහන්.
මේ අතර ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන විට 47%ක් දක්වා ඉහළ යනු ඇති බවට එරට පරීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකින් පෙන්වාදී තිබෙනවා.