ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11 ) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 09/05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09/10 දින පවත්වා තිබුණි.
එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කරගෙන තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා අති විශාල පාපන්දු ක්රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.