සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තා ගත ආදායමක් ලබා ඇත. පසුගිය 23 වනදා වන විට එය රුපියල් මිලියන 4427ක් ලෙස වාර්තා වී ඇත.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලින් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පින්නවල අලි සුරක්ෂිතාගාරය බවත්. එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 876ක් වෙයි.
එහිදී ජනවාරි, මාර්තු සහ අප්‍රේල් මාස වල වැඩිම ආදායමක් උපයා ඇති බවයි මාරසිංහ මහතා පවසා ඇත්තේ.
කෝවිඩ් සමයේ තාවකාලිකව නතර කර තිබූ සතුන් හුවමාරු වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ දුඹුරු වලසුන් ඇතුලු සතුන් හුවමාරු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.