ජිහාඩ් කැරලිකරුවන් විසින් සිරියානු ජනපති බෂාර් අල් අසාද්ට අයත් ඇලෙපෝ නගරයේ පිහිටි ජනපති මන්දිරය අත්පත් කරගෙන තිබෙයි.
ඉරිදා දිනයේ තම කණ්ඩායම ජනපති මන්දිරය අත්පත් කරගත් බව කැරලිකරුවන් විසින් නිවේදනය කර අතර ඇලෙපෝ නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඉරාන හිතවාදී ඉරාක අතුරු හමුදාවක් යෙදවීමට තීරණය වී තිබේ. මේ අතුරු හමුදාව සිරියානු හමුදාව සමග එක්ව ජිහාඩ් කැරලිකරුවන්ට එරෙහිව සටන් වදිනු ඇත.