පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරමින් සිටිනා බවයි.
මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු කිහිපදෙනකු හඳුනාගෙන ඇති අතර මෙම කටයුතු සඳහා බුද්ධි අංශවල ද දායකත්වය ලැබී ඇති බව පැවසේ.
එම ආරක්ෂක තක්සේරුවට අනුව අදාල අමාත්‍යවරුන් සිවිල් පුද්ගලයින් ලෙස කිසිවෙටෙකත් තර්ජනයට ලක්වූවන් නොවන බවත් ඔවුන් ඇමැතිවරු වීම හේතුවෙන් මෙම තර්ජනයන්ට ලක්ව ඇති බවත් බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබේ.
මෙම ආරක්ෂක තක්සේරුව අනුව ඉදිරියේදී ආරක්ෂාව ලබාදිය යුතු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වේ.