චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso) පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර තත්ත්වය සමනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙය චිලියේ රාජ්‍ය මෙතෙක් වාර්තා වූ ලැව්ගිනි අතරින් මාරාන්තිකම ලැව්ගින්න ලෙස සැලකේ.
මෙම ලැව්ගින්නට හසු වී පීඩාවට පත් වූවන්ගෙන් බොහෝදෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි පිරිස බව සඳහන් වේ.
මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් කර ඇති අතර තාවකාලික රෝහල් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
සහන කණ්ඩායම් විපතට පත්ව සිටින පිරිස බේරා ගැනීමට දැඩි පරීශ්‍රමයක් දරන බවත් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට අසීරූ බවත් සඳහන් වේ.
මේ අතර එරට බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.
නිවාස 3,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.