අගරදගුරු බවට පත් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු වැන්නවුන්ට නොරැවටෙන ලෙසත් ඔහු කතෝලික සභාව සමග කිසිම සම්බන්ධයක් ඇති පුද්ගලයෙක් නොවන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
කතෝලික සැදැහවතුන්ගේ දැන ගැනිම පිණිස එම නිවේදනය නිකුත් කරන කතෝලික රදගුරු සමුළුව කතෝලික සභාවේ නිල අපොස්තලික අනුප්රාප්තිතියකින් තොර ජෙරොම් ප්‍රනාන්දු කතෝලික රදගුරුවරයෙක් නොවන බව අවධාරණයෙන් දන්වා ඇත.
එහිදී වැඩිදුරටත් ජනතාවට “කතෝලික රදගුරුතුමා යනු යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්රාප්තිකයන්ගේ අඛණ්ඩ පැවැත්මකි. ප්‍රේරිතයන්ගේ ප්‍රධානියා වන අපොස්තුළු පේතෘස් හැර සෑම කතෝලික බිෂොප්වරයෙකුම අපෝස්තුළුවරුන් එකොළොස් දෙනෙකුගේ සෘජු අනුප්‍රාප්තිකයන්ගෙන් කෙනෙකි.ශාන්ත පීතර තුමාගේ අධ්යක්ෂ අනුප්‍රාප්තිකයා පාප්තුමායි,” ලෙස නිකුත් කළ නිවේදනයයක් නිකුත් කර ඇත.