ජෝ බයිඩන්ගෙන් තම පුතුට ජනාධිපති සමාව

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී තිබෙනවා.

බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බයිඩන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චෝදනා කරයි.

54 හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ එම චෝදනා දෙකටම ඔහු වරදකරු වී සිටී. ජෝ බයිඩන් පුත් හන්ටර්ට ජනාධිපති සමාව දී තිබෙන්නේ හන්ටර් බයිඩන්ට දඬුවම් නියම කිරීමට සූදානම් අවස්ථාවකදීය.