ටික් ටොක් සමාජ මාධ්‍ය සමාගමේ අමෙරිකානු මෙහෙයුම් බිලියනපති එලෝන් මස්ක්ට විකිණීමට චීනය ඉඩ දිය හැකි බවට පළ වන වාර්තාව “පිරිසිදු ප්‍රබන්ධයක්” බව ටික් ටොක් ආයතනය පවසනවා.
චීන බයිට්ඩාන්ස් සමාගමේ කොටසක්වන ටික් ටොක් සමාගමේ මෙහෙයුම් කටයුතු අමෙරිකාව තුළ තහනම් කරමින් , ශ්‍රේෂ්ඨාධිකරණය ලබන 19 වනදා නියෝගයක් නිකුත් කරනු ඇති බවටයි මේ වන විට මත පළ වන්නේ.
මේ නිසා චීන නිලධාරීන් තම අමෙරිකා එක්සත් ජනපද ටික්ටොක් මෙහෙයුම් මස්ක්ට විකිණීමට කටයුතු කරනු ඇති බවට බ්ලූම්බර්ග් වාර්තාවක් කියා සිටියා.
එයට ප්‍රතිචාර වශයෙන් බයිට්ඩාන්ස් සමාගම පවසා ඇත්තේ, තම මෙහෙයුම් එලෝන් මස්ක් ට විකිණීමට කිසිඳු අදහසක් නොමැති බවයි.
පිරිසිදු ප්‍රබන්ධ පිළිබඳව අදහස් දැක්වීමට සමාගම අපේක්ෂා නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.