දකුණු අප්‍රිකා බංග්ලාදේශ සටන අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට නිව්යෝර්ක් හිදි පැවැත්වීමට නියමිතයි.

ඩී කාණ්ඩය යටතේ ක්‍රීඩාකරන දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන ප්‍රථම ස්ථානයේ රැදී සිටියි.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජයගෙන ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන දෙවැනි ස්ථානයේ රැදී සිටියි.