කලාවැව අභය භූමියේ සැරිසරමින් සිටි දීඝ දන්තු ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙරට ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක් වන කැකිරාව ශාඛාවේ, ගල්කිරියාගම හිඟුරුවැව ලිපිනයේ පදින්චි උපුල් ප්‍රියන්ත බණ්ඩාර කළමනාකාරු මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුණු දිසානායක මහතා නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ගල්කිරියාගම වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රසන්ත විජේකෝන් මහතා සඳහන් කළේ, සැකකරු අදාළ ඇතා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන අනවසර විදුලි රැහැන් සහ මෝටර් රථ බැටරියක් සහ විදුලි පරිපථයක් හොයා ගැනීමට හැකි වූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරට ත් පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද අධිකරණයට කියා සිටි අඩවි ආරක්ෂක ප්‍රසන්ත විජේකෝන් මහතා එම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.
සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් ස්වභාව ධර්මයට සහ වන සතුන්ට යුක්තිය උදෙසා සංවිධානය වෙනුවෙන් සිය විරෝධය පළ කරන බව ද ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා සැකකරු රිමාන්ඩ් කරන ලෙස ද අයැද සිටියේය.
සැකකරු වෙනුවෙන් දීර්ඝව අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උදිත ඒකනායක මහතා පැවැසුවේ, චේතනාන්විතව ම අනවසරයෙන් විදුලි රැහැන් ඇද මෙම දළ ඇතා ඝාතනය කළ බවට, තම සේවාදායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව, ඔහු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුණු දිසානායක මහතා, සැකකරු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සැකකරු මේ මස 12 වන දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරනු ලැබීය.