අද (13) සිට දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, අමතර බස් රථ 60 කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි.
ජාතික ගමනාගමන කොමිසන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට සැලසුම් කර තිබේ.
මේ අතර, අද (13) රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.