ශ්රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් පැය දෙකකට ආසන්න කාලයක් ප්රමාද විය.
ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා කර පැවැත්වීමට තරග තීරකවරයා තීරණය කළේය.