නව ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අනුමැතිය

දැනට භාවිත කරනු ලබන රියැදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේය.

ඩිජිටල් රියැදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ඇත.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුර බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිතව පවතියි.