නව දඟ පන්දු පුහුණුකරුවෙක් එයි

,

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව දඟපන්දු පුහුණුකරු ලෙස ක්‍රේග් හොවාඩ් පත් කර තිබෙනවා.

අදාළ ධුරය භාරගැනීම සඳහා මීට දින දෙකකට පෙර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ පියල් විජේතුංග හට ධුරය අහිමිව ඇත.

ඒ අනුව ක්‍රේග් හොවාඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස මෙන්ම MENTOR ලෙසද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති අතර වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ තරග 16කදී කඩුලු 42ක් දවාගෙන තිබෙනවා.