නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) පෙරවරු 10.00ට දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත.
කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන්ය.
එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
මේ අතර ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ජනතාවත් සමඟ ඉදිරියට ගමන් කිරීමට තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බවය.