නාමල්ට එරෙහි නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පෙරබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ පැමිණිල්ල අද (05) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවය.

පසුගිය යහපාලන රජය සමයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබුණි.

එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම විමර්ශනයට අදාළ උදෘත සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

එහිදී නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණය ඉදිරියේ දැනුම් දෙනු ලැබීය. පසුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 13 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කෙරිණි.