බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරන බවද විපක්ෂ නායකවරයා කීවේය.