පවතින වර්ෂා කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස රියදුරන්ට දැනුම්දී තිබේ.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමඟ කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ගල් පෙරලීම් සහ නායයෑමේ අවදානම් ඇති විය හැකි බවයි.