ප්රංශයේ නව අග්රාමාත්යවරයා අද දිනයේ දී නම් කිරීමට නියමිත බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.
ප්රංශයේ අග්රාමාත්ය මිචෙල් බානියර් පසුගිය සතියේදී විශ්වාසභංගයකින් ඉවත් කෙරුණා.
පසුව දින කිහිපයක් ඇතුළත නව අග්රාමාත්යවරයෙකු නම් කරන බවයි ප්රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් නිවේදනය කළේ.
නව අග්රාමාත්යවරයා අද දිනයේදී නම් කිරීමට නියමිත අතර ඒ හරහා මාස ගණනක එරට දේශපාලන අස්ථාවරත්වය අවසන් වනු ඇති බවට මත පල වනවා.
නව අග්රාමාත්යවරයා නම් කිරීමත් සමග මෙම වසරේදී අග්රාමාත්ය ධුරයට පත් වූ 04 වන පුද්ගලයා බවට ඔහු හෝ ඇය වාර්තා අතරට එක් වනවා.
මීට මාස කිහිපයකට පෙර ප්රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවති අතර තවමත් එරට දේශපාලන ස්ථාවරත්වයක් පෙන්නුම් නොකරන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.