මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවේදීය.
ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට පසුගිය දිනවල උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් සංවිධාන කර තිබුණි.
ඊට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වූ බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.