පාලන මිලට වඩා අඩුවෙන් වතුකරයේ ජනතාවට සහල්

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට අලෙවි කරමින් පවති.

කීරි සම්බා කිලෝවක් රු 260 ලෙස ද රතු කැකුළු රු 210ක සිල්ලර මිලකට හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, සෑම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ පහ බැගින් නිකුත් කරන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් පවසා සිටිති.

එහෙත් සහල් ලැබුනද, පොල් තොග ලැබි නොමැති බවයි එම නිලධාරින් වැඩිදුරටත් පැවසුවේ.