පොල් මිල හමුවේ ආපනශාලාවල ආහාර ඉහළට

වෙළඳපොළේ මේ වන විට පවතින අධික පොල් මිල හමුවේ දිවයින පුරා ආපනශාලාවල ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඇතැම් ආපනශාලාවල කිරි හොදි සහ පොල් සම්බෝල සකස් කිරීම මෙන්ම නිෂ්පාදනයද 60%කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.