පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙයි.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මතයි.