බංගලි අරගලකරුවන් රූපවාහිනිය අල්ලා ගති

බංගලාදේශයේ අරගලකරුවන් විසින් එරට රූපවාහිනී මධ්‍යස්ථානය අත්පත් කරගෙන තිබේ.

අගමැති ධුරයෙන් ශික් හසිනා ඉවත්ව රටින් බලා ගිය පසු හමුදා ප්‍රධානියා විසින් රට හමුදා පාලනය යටතට ගෙන තිබේ.

නමුත් අරගල කරුවන් තව දුරටත් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙමින් සිටිති.

ඔවුන් හසීනා රජයේ මැති ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනිබත් කර ඇති අතර ඒවාගේ බඩු භාණ්ඩ ද කොල්ල කන අයුරු සමාජ ජාල වල වීඩියෝ පට හුවමාරු වෙයි.