අමෙරිකානු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණ සටනෙන් ඉවත්විය යුතු බවට එම පක්ෂය තුළින්ම මතවාදයක් ගොඩනැගී තිබෙනවා.
ඒ බයිඩන් වයස්ගත බවට සහ ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බවට එල්ලවන චෝදනා මුල්කරගෙනයි.
81 හැවිරිදි වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් පසු වේ.
ඩිමොක්රටික් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුට හිමිව තිබූ සහාය කෙමෙන් පහත වැටෙමින් පවතින්නේ වයස්ගත බයිඩන් ඊට නුසුදුසු බවට පක්ෂය තුළම කතාබහක් නිර්මාණය වී තිබීම හේතුවෙනි.
මෙම ආන්දෝලනයට මුල්වූයේ පසුගිය ජූනි 27 වැනිදා බයිඩන් සහ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති ජනාධිපතිවරණ අපේක්ෂක විවාදයයි.
එහිදී ට්‍රම්ප් හමුවේ බයිඩන් දැක්වූ අසාර්ථකභාවය සමඟ ඔහු පක්ෂයේ මීළඟ අපේක්ෂකයා වීමට සුදුසු ද යන්න එම පක්ෂයේ ඉහළ තනතුර අතර ඇතිවූ කතාබහ කෙතරම් ද යත්, තමන් මැතිවරණ සටනින් ඉවත්කළ හැක්කේ දෙවියන්ට පමණක් බව පැවසීමට බයිඩන්ට සිදුවීමෙන්ම පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය