අද (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත.
ඒ සඳහා 7,000කට අධික රථ වාහන නිලධාරින් අනුයුක්ත කර ඇත.
එම විශේෂ මෙහෙයුම උත්සව සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවත්, පැය 24 පුරා අවරණය වන පරිදි මෙහෙයුම පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.
රථ වාහන වැරදි පිළිබඳව මහජනතාවට ද දැනුම්දීමට 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලින් අවස්ථාව ඇති අතර එම අංකවලට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකතන අංක වෙත තොරතුරු ලබා දිය හැකියි.
මීට අමතරව මාර්ග නීති උල්ලංඝණය කිරීම හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මඟින් යොමු කිරීමේ හැකියාව ඇතැයි ද පොලිසිය පැවසුවේ ය.