එක්සත් ජනපදයේ 27 හැවිරිදි තරුණියක් විසින් බළලෙක් ඝාතනය කර ආහාරයට ගෙන ඇති සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සත්ව හිංසනය පිළිබඳ සාපරාධී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු, එරට අධිකරණයෙන් ඇයට වසරක සිර දඬුවමක් නියම කර ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය අගෝස්තු මාසයේදීයි ඇය මෙම ඝාතනය සිදු කර ඇත්තේ.
ඇයගේ නිවසට ළඟා වූ පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවී තිබෙන්නේ, ඇය එළිමහන් පරිශ්‍රයේ සිට බළලා අනුභව කරන ආකාරය අසල්වැසියන් බියට පත්ව බලා සිටින බවයි.
“ඔබ අපේ ප්‍රජාවට සෑහෙන අනතුරක් ඉදිරිපත් කරනවා. මේක මට පිළිකුලක්. ඒ වගේම සතෙක් පොඩි ළමයෙක් වගේ. මම දන්නේ නැහැ ඔයාට ඒක තේරෙනවාද නැද්ද කියලා. මෙම අපරාධය මා තුළ ඇති කළ බලාපොරොත්තු සුන්වීම, කම්පනය, පිළිකුල ප්‍රකාශ කළ නොහැකියි. බළලෙක් ආහාරයට ගැනීමට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ.” යනුවෙනුයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවරයා අදහස් දක්වා තිබෙන්නේ.