බැංකොක් අගනුවර වායු ගුණාත්මකභාවය නරක අතට

තායිලන්තයේ බැංකොක් අගනුවර වායු ගුණාත්මකභාවය මේ දිනවල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

මේ හේතුවෙන් සතියක කාලයක් සඳහා එරට පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතයට අවස්ථාව ලබාදීමට රජය තීරණය කළේය.

ඒ පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව දිරිමත්කිරීමේ අපේක්ෂාවෙනි.

ඒ සමඟ බැංකොක් හි පාසල් රැසක් වසා දමා ඇති බව වාර්තා වේ.