රුසියානු හමුදා යානයක් යුක්රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු බෙල්ගොරෝඩ් ප්‍රදේශයට එම යානය කඩා වැටී ඇති බවත් එම අවස්ථාවේදී එම යානය තුළ පුද්ගලයින් 65 දෙනෙකු සිටි බවයි.
එම අනතුරින් යානයේ සිටි සියලුදෙනා මියයන්නට ඇතැයි සැලකෙයි. එම යානයේ සිට ඇත්තේ, යුක්රේන යුද සිරකරුවන් පිරිසක් බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.