ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
පෙර දිනයේ ඩොලර් 90 ආසන්නයේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 1.70 ඉක්මවූ අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද(13) දිනයේ බොරතෙල් මිල ඩොලර් 91 ඉක්මවූ අගයක් ලෙස සටහන්.
එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගය ලෙසයි සටහන්වන්නේ.
මීට අමතරව W.T.I බොර තෙල් බැරලයක මිල ඩොලර් 85. 66 ක් ලෙස දැක්වෙනවා.