මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇර‍‍‍‍ඹේ

අද (13) උදෑසන මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49 කදී බෙදාහැරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුකරන බවයි, එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ

හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 ක් වෙනුවෙන් ඡන්ද පෙට්ටි සහ ලිපි ද්‍රව්‍ය මෙසේ යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කාර්ය මණ්ඩලය දායක කරගෙන විශේෂ පෙරහුරුවක්ද අද පැවැත්වේ.

මේ අතර, ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64000 ක් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.