මහ මැතිවරණයට මුද්‍රණාලය වැඩ අරඹයි

ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කර බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ අනුව ගැසට් පත්‍ර, අයදුම්පත්‍ර ඇතුළු අනෙකුත් මූලික ලියකියවිලි මුද්‍රණය කිරීම එලෙස ආරම්භ කර තිබෙනවා. මුද්‍රණ කටයුතු සඳහා වැයවන මුදල මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව පැවසුවාය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදාට සතියකට පෙර සියලු මුද්‍රණ කටයුතු අවසන් කරන බව එහිදී පැවසුවාය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුළු අනෙකුත්මුද්‍රණ කටයුතු නාම යෝජනා බාරදීමෙන් අනතුරුව ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසූවාය.