මහ මැතිවරණයේ ආදායම් වාර්තා නොදුන් අපේක්ෂකයින් රැසක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 1985 දෙනෙකු පමණක් එම වාර්තා ලබාදී ඇති බවය.

නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා බවද එහිදී ඒ මහතා සඳහන් කර ඇත.