මහ මැත්වරණයට අදාළ ප්රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර, එළැඹෙන නිහඩ කාල සීමාව තුළ මැතිවරණයේ ප්රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.
ඒ අනුව, අද (11) පැවැත්වෙන අවසන් දේශපාලන ප්රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර විකාශය කිරීම හෙට (12) දා රූපවාහිනී හා ගුවන් විදුලි විකාශවල එක් ප්‍රධාන ප්රවෘත්ති විකාශයකට පමණක් සීමා කළ යුතු බවත් පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී වෙනත් විස්තර හෝ අදහස් නොමැතිව පුවත්පතේ පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම අද පැවත්වෙන ප්රචාරක රැස්වීම් වාර්තා හෙට (12) පුවත්පත් හා ඒවායේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පල කළ හැකිවේ.
අනෙකුත් සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකී කොන්දේසි අදාලවන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.