සුළි කුණාටුවක් නිසා පිලිපීනයේ මිලියනයක් නිවෙස්වලින් ඉවතට

පිලිපීනයට කඩා වැදී ඇති බලවත් හා දරුණු සුළි කුණාටුවක් වන ‘මාන් යි’ (පෙපිටෝ) සුළි කුණාටුව හේතුවෙන් ප්‍රධාන දූපත වන ලුසෝන් දූපතෙහි නිවැසියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිය නිවෙස්වලින් ඉවත් කර ඇති අතර පිලිපීන කාලගුණ විද්‍යාඥයන්ට අනුව අදාළ සුළි කුණාටුව මගින් ජීවිත පවා අවදානමට ලක් කරන දරුණු විනාශයක් සිදු විය හැකි අතර ඉන් දැඩි සුළං, ජලගැලීම් හා විදුලිය විසන්ධිවීම් සිදුවිය හැකිය බව විදෙස් මාධ්‍ය පවසයි. පැයට කිලෝ මීටර් 195ක වේගයෙන් හමා යන සුළං සහිතව පිලිපීනයට කඩා වැදී ඇති මෙම ‘මාන් යි ’ සුළි කුණාටුව ඉකුත් සති තුනක කාලයේදී පිලිපීනයට කඩා වැදී ඇති සිවුවැනි දරුණු සුළි කුණාටුව බවට ද වාර්තා වේ.