මාලිමාවේ මන්ත්‍රීවරුවන් 43කට ආණ්ඩු පක්ෂයේ අසුන් අහිමි වන තත්ත්වයක්

මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් ගැන්වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරුන් 110 දෙනෙකුට පමණි.

එළඹෙන 21 වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට මැතිසබයේ අසුන්ගෙන් ගැනීමට හැකිය.