මිලියන 200 ඉක්මවන රේගුවෙන් පන්නන්න හැදූ බඩු තොගයක් හසුවෙයි

ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගත් භාණ්ඩ තොගයක් අද (27) දින බ්ලූමැන්ඩල් කාගෝ අංගනයේදී විවෘත කෙරිණි.

දැනට ගණන් බලා ඇති ආකාරයට මෙහි වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වන අතර ඉදිරී පරීක්ෂා කිරීම්වලදී මෙම මිල ගණන් වෙනස් විය හැකි බවත් වාර්තා වේ.

විදේශයන්හී සේවය කරනු ලබන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා තිබේ.

ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මෙම භාණ්ඩ තොගය නිවැරදි නම් ලිපින ලබා නොදී මෙරටට ගෙන්වා ඇති බවය.

මෙම භාණ්ඩ තොගය අතරට සුවඳ විලවුන්, රූපලාවන්‍යය ආලේපන, පාවහන්, කහ ඇතුළු භාණ්ඩ රැසක්ද අයත් වේ.