මී උණ නිසා කිලිනොච්චියෙන් දෙදෙනෙකු මරුට

මී උණ හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කිලිනොච්චි මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් දෙදෙනා මිය ගොස් ඇති බවයි කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන් විනෝදන් මහතා පවසන්නේ.

ඔවුන් දෙදෙනා මුලන්කාවිල් සහ කන්ඩාවලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

මී උණ රෝගීන් මේ වන විට වවුනියාව දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ.

එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 50කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා.

පසුගිය දිනවල වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ද ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.