සියයට 56කට වැඩි බහුතරයක් දිනාගනිමින් මෙක්සිකෝ ජනාධිපතිවරණය ජයගැනීමට අපේක්ෂිකා ක්ලෝඩියා ෂයින්බවුම් සමත්වුවාය.
මේ අනුව ඇය එරට පළමුවැනි ජනාධිපතිනිය බවට පත්වනු ඇත.
61 හැවිරිදි ක්ලෝඩියා ෂයින්බවුම් මෙක්සිකෝ සිටී අගනුවර හිටපු නගරාධිපතිනිය වන අතර හිටපු ජනාධිපති ඇන්ද්රේස් මැනුවෙල් ලෝපේස්ගේ සමීපතමයෙක් ද වේ.
විපක්ෂ අපේක්ෂිකා සෝචිත්ල් ගල්වේස් ද සිය ජයග්රහණය ප්රකාශයට පත් කළත්, ෂයින්බවුම් ඇයට වඩා කැපී පෙනෙන ඡන්ද ප්රතිශතයක් ලබා ඉදිරියෙන් පසුවන බව වාර්තා වේ.