නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම මේ වනවිට අවසන් කර තිබෙනවා.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනේණම් ලිපි බෙදනු ලබන තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකිය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුවද 2024 ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන් වේනම් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගෙ වම් අතෙහි දබර ඇගිල්ල සලකුණු කරන බව සභාපතිවරයා පැවසීය.