දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වය අද (9) සිට සුළු වශයෙන් අහිතකර මට්ටමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා ඇත.
එමෙන්ම වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ දිනය පුරා 100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ද මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා ද පවසා ඇත.