යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (දෙසැ. 10) පවත්වන බව දිස්ත්රික් ලේකම් මරදලිංගම් ප්රදීබන් පවසයි.
ඒ අනුව, හෙට උදෑසන 9:00 සිට පස්වරු 4:00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරනු ලැබේ.
දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, උප්පැන්න සහතිකයක් නොලැබූ දරුවන් සඳහා මෙදිනට උප්පැන්න සහතික නිකුත් කිරීමේ කටයුතු සිදු කරන බව ය.
තවමත් උප්පැන්න සහතිකයක් ලබා ගෙන නොමැති පුද්ගලයින් අදාළ ලියකියවිලි සමග හෙට එම සේවාවෙන් ප්රයෝජන ගන්නා ලෙස දිස්ත්රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.